1. s ගොනුවේ ලොහයකට තනුක අම්ලයක් (HCl) එකතු කොට එහි ක්ලෝරයිඩය සකසා ගැනීම.
2. ඉන්පසු ඇස්බැස්ටෝස්, මිනිරන් හෝ ප්ලැටිනම් කූරක් ආධාරයෙන් අදාල ක්ලෝරයිඩය බන්සන් දැල්ලේ නිල් පැහැති කලාපය වෙත යොමු කිරීම.
3. එවිට දැල්ලෙන් ලැබෙන වර්ණය පහන් සිළුවේ පරීක්ෂණය වේ.
4. පළමු හා දෙවන කාණ්ඩයේ ලෝහ වල පහන් සිළු වර්ණ පහත පරිදි වේ.
i කාණ්ඩය
Li - රතු
Na - කහ
K - දම්
Rb - රතු දම්
Cs - නිල්
ii කාණ්ඩය
Be - අවර්ණ
Ma - අවර්ණ
Ca - ගඩොල් රතු
Sr - ක්‍රිම්සන් රතු
Ba - ඇපල් කොල
5. d ගොනුවේ Cu ද පහන් සිළු පරීක්ෂාවේදී කොල පැහැ දක්වයි.
6. මෙහිදී ක්ලෝරයිඩයක් සකසා ගනු ලබන්නේ එය වාෂ්පශීලී බැවින් බන්සන් දැල්ලේ වර්ණය පහසුවෙන් නිරීක්ෂණය කිරීමටය.
7. ප්ලැටිනම්, ඇස්බැස්ටෝස් හෝ මිනිරන් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.
Na වල පහන් සිළු පරීක්ෂාව ඇතිවන අයුරු පැහැදිලි කිරීම.
මෙහිදී Na ධන අයන බන්සන් දැල්ලෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් පරමාණු බවට පත් වේ.
Na+ + e → Na(g)
ඉන්පසු දැල්ලේ ශක්තිය අවශෝෂණය කර ගනිමින් භූමි අවස්ථාවේ ඇති ඉලෙක්ට්‍රෝන ඉහළ මට්ටමකට ගමන් ගනී. එහිදී ඉලෙක්ට්‍රෝන වල ශක්තිය වැඩි බැවින් අස්ථායී නිසා අමතර ශක්තිය පිට කර පහල පිහිටි ශක්ති මට්ටමකට පැමිණේ. එහිදී ශක්තිය විමෝචනය වන්නේ E = hυ යන ප්ලාන්ක් සම්බන්ධයට අනුවය.එවිට එම ශක්තියට අදාලව කිරණයක් පිට වන බැවින් පහන් සිළුවේ වර්ණයක් ඇති වේ.
හොඳයි 😊
ReplyDeleteThank you
ReplyDelete