ආවර්තිතා වගුව කටපාඩම් කරන එක ඇත්තටම එපාම කරපු දෙයක් උනා මට නම්. ඒත් ඉතින් පාඩම් නොකරත් බෑනේ. Chemistry ඉගෙන ගන්න එක ගොඩක් ලේසි වෙනවා අපට ආවර්තිතා වගුව පාඩම් තියනවා නම්. Chemistry paper එකට නම් ආවර්තිතා වගුවක් දෙනවා. ඒ වුනත් අපි මතකේ තියාගෙන ඉන්න එක paper එකක් කරද්දි කාලය ඉතුරු කර ගන්න වැදගත් වෙනවා.
එක එක අය එක එක විදියට මේක පාඩම් කර ගන්නවා. හොඳම දේ තමන් තමන්ටම ආවේණික ක්‍රමයක් අනුගමනය කරන එක. ඒත් ඒක බැරි අයට මම පාඩම් තියාගෙන ඉන්න විදිහ කියන්නම්. හැබැයි මේක මම හොයා ගත්ත දෙයක් නම් නෙවේ. මේක මම ගිය class එකේ සර් කියා දුන්නු ක්‍රමය. මීට වඩා පහසු ලේසි ක්‍රම ඔයාලා දන්නවා නම් පහලින් comments විදියට දාන්න.
පටන් ගමු එහෙනම්.......👉
මේක කතන්දර ගොඩක්..............
ලීනා කියලා හිටියා හැඩ (ලස්සන) ගෑනු ළමයෙක්. එයගේ කොල්ලා ආර්.බී. එයාගේ නම කෙටි කරලා තමා එහෙම කියන්නේ. හැබැයි මිනිහා පොට්ටයි. පොට්ට උනත් කොල්ලට පට්ට ලස්සන කෙල්ලො නම් සෙට් වෙනවා. මිනිහට සෙට් උනා ලීනට වඩා ලස්සන සිසී කියලා කෙල්ලක්. එයත් එක්ක සෙට් වෙලා මෙහෙ ඉන්න බැරි නිසා දෙන්නම ප්‍රංශයට (france) ගියා.
මේ කතාවෙන් අපි i කාණ්ඩය මතක තියාගමු.
H- හැඩ
Li- ලී
Na- නගේ
K- පොට්ට
Rb- ආර්.බී.
Cs- සිසීත් එක්ක
Fr- ප්‍රංශේ ගියා.
(හැඩ ලීනගේ පොට්ට ආර්.බී. සිසීත් එක්ක ප්‍රංශේ ගියා)
මම දුප්පත් පවුලක පොඩි කොල්ලෙක්. දවසක් මාව පෝසත් ගෙදරක වැඩකාරකමට එක්ක ගියා. මේ ගෙදර හිටියා මගේ වයසෙම පිරිමි ළමයෙක්. මම එයාට කිව්වේ බේබි කියලා. මට ඉතින් එයාගේ තනිය මකන්නයි එයත් එක්ක සෙල්ලම් කරන්නයි තමා තියෙන්නෙ. ඒත් ඉතින් මට ඉස්කෝලේ යන්නවත් හොඳට අඳින්න පළඳින්නවත් නෑ. පොඩි සරමක් විතරයි තිබ්බේ. දවසක් බේබිත් එක්ක සෙල්ලම් කර කර ඉන්න අතරේ ලෝකේ තියන ලොකුම බර හැදුනා. දන්නවනේ ඉතින් එකේ තියන අමාරුව... තැන කොතනද කොහෙද ඉන්නේ කියලවත් ගානක් නෑ. මම ඉතින් කැලේට පැන්නා සරමත් දාලම.
මේ කතාව ගමු ii කාණ්ඩය මතක තියා ගන්න.
Be- බේබි
Mg- මගේ
Ca- කැලේ
Sr- සරම
Ba- බන්ඩ
Ra- රෙනයි
("බන්ඩ රෙනයි" අනිත් පැත්ත හරවන්න එපා. එතකොට තෙරෙනවනේ මට මොන අමාරුවද හැදුනේ කියලා...)
ටිලිකන් වල හිටියා ගැමල් කියලා මනුස්සයෙක්. මේ මිනිහා කරේ බූරුවෝ අල්ලන එක.
අපි මේ කතාව ගමු iii කාණ්ඩය මතක තියා ගන්න.
B- බූරුවෝ
Al- අල්ලන
Ga- ගැමල්
In- ඉන්නේ
Ti- ටිලිකන් වල
ජෙනීටා.... ඔව්.. ජෙනීටා.. පට්ට ලස්සනයි. කන්න හිතෙන ලස්සනක්. ඒත් කන්න හිතෙන ජෙනීටාගේ සීනී බෝලෙට ලෙඩක් හැදිලනේ.. ජෙනීටාගේ සීනී බෝලේ තියෙන්නෙ කොහෙද කියලා නම් අහන්න එපා...
මේ කතාවෙන් iv කාණ්ඩය මතක තියා ගමු.
C- කන්න
Si- සිතෙන
Ge- ජෙනීටාගේ
Sn- සීනී බෝලෙට
Pb- ලෙඩක්
නයනා කියලා හිටියා ගෑණු කෙනෙක්. මෙයා බැන්දලා හිටියේ එස්.බී කියලා කෙනෙක්. මේ එස්.බී. අපි අර දන්න කියන කෙනා නම් නෙවේ. මේ වෙන එකෙක්. මේකා හෙන බෙබා. හොඳ ඒවගෙන් දෙකක් දා ගන්න බැරි උනොත් බියර් එකක් හරි බොනවාමයි. දවසක් එස්.බී බියර් එකක් ගෙදර ගෙනාවා නෝනට හොරෙන් බොන්න. නයනට එස්.බී හැරෙද්දි කියන්න පුළුවන් මොකාටද මූ එන්නේ කියලා. එස්.බී ගේ පිරිමිකම නයනා ඉස්සරහ පච වෙනවා. මොකද නයනා ගොඩක් සැරයි. ඉතින් එදත් නයනා දුම්මල වරම අතට ගත්තා. එස්.බී. සුපුරුදු පරිදි පදිරි වෙලා බියර් එක නයනාගේ කකුල් දෙක ළඟින් තියලා වැඳලා සමාව ගත්තා. ගොඩක් පිරිමි මෙහෙම තමා ගෙවල් වල කාටවත් නොකීවට.
අපි නයනාගෙයි එස්.බී. ගෙයි ආදර කතාව ගමු v වෙනි කාණ්ඩය මතක තියා ගන්න.
N- නයනාගේ
P- පතුල
As- අස්සේ
Sb- එස්.බී. ගේ
Bi- බියර් එක..
සාමා කියලා හිටියා කෙල්ලක්. නම නම් සාමා උනාට කිසිම සාමයක් නෑ. යුද්ධම තමා. සාමාගේ ඉස්කෝලේ හිටියා ටෙරන්ස් කියලා සර් කෙනෙක්. අපි වගේ තමා සාමලත්. මොකද සර්ලගේ නම් දිග නිසා කෙටි කර ගන්නවා අපේ පහසුවට. සාමලත් මේ සර්ට කිව්වේ ටෙරා කියලා. ටෙරා හෙන සැරයි. හැමවෙලේම අතේ පොල්ලක් තිබ්බා. සාමාගේ වැඩ නිසා මේ පොල්ලෙන් ගුටි කන්න උනේ සාමාටම තමයි.
සාමාගේ කතාවෙන් vi වෙනි කාණ්ඩය මතක තියාගමු.
O- ඔන්න
S- සාමා
Se- සෙලවෙනවා
Te- ටෙරාගේ
Po- පොල්ල
අයියා කෙනෙක් හිටියා කෙල පෙරාගෙන.. පව්... අත දිගෙත් කෙල... සමහර විට ලෙඩක් වෙන්න ඇති නේද... ඕක දැකපු නංගි කෙනෙක්ට දුකටම මෙහෙම හිතුනා...
F- පව්
Cl- කෙල
Br- බේරෙන
I- අයියගේ
At- අත
උච්ච වායූ වලට නම් කතා නෑ. ඒ ටික නම් නිකන්ම මතක හිටිනවනෙ නේද? මතක හිටින්නේ නෑ වගේ නම් ඒකට කතාවක් එක්ක මතක තියා ගන්න ක්‍රමයක් ඔයාලා හොයාගෙන පහලින් දාන්න. මටත් දැන ගන්න. ඒත් අපි ඉගෙන ගන්න d ගොනුවට නම් කතාවක් තියනවා.
ස්කැන්ඩියාවේ ටයිටැනික් කියලා ලොක්කෙක්ගේ වලව්වක් තිබුනා මෙහේ. එකේ මුරකාරයා කොරයි. කොරයි කිව්වෙ මනුස්සයාගේ කකුලක් කොටයි. ඒකයි කොර. මිනිහා කොර උනාට හෙන පැණියා. මේ වලව්වේ වැඩකාරකමට හිටියා නිමාලි කියලා කෙල්ලෙක්. කෙල්ලට මුරකාරයා පැණි හලනවා. ඕක අපටත් පේනවා. ඒත් නිමාලි බැන්දලා. ඕක මුරකාරයා දන්නේ නෑ. නිමාලි බැන්දලා නිසා අපට ටිකක් සැකයි නිමාලි අම්මා කෙනෙක් වෙන්නද ඉන්නේ කියලා.
Sc- ස්කැන්ඩියාවේ
Ti- ටයිටැනික්
V- වලව්වේ
Cr- කොර
Mn- මෑන්
Fe- පෙරන
Co- කෝ
Ni- නිමාලි
Cu- කු
Zn- සින් ද?
(ස්කැන්ඩියාවේ ටයිටැනික් වලව්වේ කොර මෑන් පෙරන කෝ නිමාලි කුසින් ද?)
මෙන්න මේ විදියට තමා මම ආවර්තිතා වගුව මතක තියා ගත්තේ. ලේසී කිව්වට ගොඩක් දිගයිනේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. මේක මේ දික් වෙලා තියෙන්නෙ කතන්දර නිසා. තව දෙයක්.. මේ ක්‍රමයෙන් මුළු ආවර්තිතා වගුවම මතක තියා ගන්න බෑ. ඒත් A/L වලට ඔනේ ටික බොහොම පහසුවෙන් මතක තියා ගන්න පුළුවන්. මේ වගේ කතා තව ගොඩක් එක්ක chemistry වල පාඩම් කර ගන්න තියන තව කොටස් ටිකක් මම ඉස්සරහට දාන්නම්. කතා ටික මතක තියාගෙන ඒවගෙන් කියන්නේ මොනවාද කියන එක අමතක කරන්න එපා. ටික කාලයක් යද්දි කතාව නම් මතක තියේවි. ඒත් එකෙන් කියවුනේ මෙන්න මේකයි කියන එක අමතක වෙවි. මං එහෙම කිව්වේ මට ඕක ඔය විදියටම උන නිසා. ඒ නිසා කතාවේ වචන ටික මතකෙන් කාණ්ඩ විදියට පිළිවෙලට ටිකක් ලියන්න පුරුදු වෙන්න. එතකොට හරි....
Thanks
ReplyDeleteහොඳයි
ReplyDeleteහොඳයි
ReplyDeleteහොඳයි
ReplyDeleteහොදයි
ReplyDeleteසුපිරියි
ReplyDeleteFantastic
ReplyDeleteපට්ට
ReplyDeleteපට්ට
ReplyDeleteThe Bet365 casino in Kenya is live in 2021 - JTM Hub
ReplyDeleteBet365 Casino in Kenya is live 보령 출장샵 in 2021 - see if you like it or not and find the best odds to play on the 서울특별 출장안마 top casino site 시흥 출장마사지 in 목포 출장샵 Kenya. 포항 출장샵