Chemistry වල පළවෙනි පාඩමේ පාඩම් කර ගත් සිද්ධාන්ත කොටස් මතක් කර ගැනීමටත්, සිද්ධාන්ත පාඩම් කර ගැනීම පහසු වීමටත් මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. මතකෙන් ලියන්නම ඕන නැහැ. අමතක දේවල් theory පොත බලලා උත්තරේ හොයා ගන්න. theory පාඩම් කරන්න අකමැති අයට මේ ප්‍රශ්න වලට උත්තර හොයලා ලියද්දී ඉබේම theory කොටස් මතක හිටීවී. හැබැයි ඉතින් කිහිප වතාවක් කරන්න වෙයි. මේ ප්‍රශ්න ටික පරමාණුක ව්‍යූහය පාඩමේ කෙටි සටහනක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.
මෙතන තියන හැම ප්‍රශ්නෙකටම උත්තර ලියන්න. උත්තර හොයන්න try කරන්න. එහෙම උත්තර හොයා ගන්න අමාරු ප්‍රශ්න වල අංක පහලින් දාන්න. මම ඒවට උත්තර ටික දෙන්නම්.
පටන් ගමු එහෙනම්....👉
(1) පදාර්ථය හා ශක්තිය යන පද පැහැදිලි කරන්න.
(2) පදාර්ථයේ අසන්තතික ස්වභාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
(3) මූලද්‍රව්‍යක් යනු කුමක්දැයි පහදන්න.
(4) ඩෝල්ටන් විසින් ඉදිරිපත් කරන ලද පරමාණුක වාදයේ උපකල්පන සඳහන් කරන්න.
(5) එම උපකල්පන ප්‍රතික්ෂේප වීමට හේතු වෙන වෙනම හඳුන්වන්න.
(6) පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය සඳහා සාක්ෂි ඉදිරිපත් කරන්න.
(7) විද්‍යුතයේ පරමාණුක ස්වභාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
(8) විද්‍යුතයට පරමාණුක ස්වභාවයක් පවතින බවට මුලින්ම ප්‍රකාශ කර ඇත්තේ කවර අයෙක් විසින් ද?
(9) කුමන තත්ව යටතේ වාතය තුළින් විද්‍යුතය සන්නයනය වේද?
(10) කැතෝඩ කිරණ යනුවෙන් අදහස් කරන්නේ මොනවාද?
(11) කැතෝඩ කිරණ සාදා ගත හැකි ආකාරය පැහැදිලි කරන්න.
(12) කැතෝඩ කිරණ නලයක් තුල කැතෝඩ කිරණ ඇතිවන ආකාරය පැහැදිලි කරන්න.
(13) කැතෝඩ කිරණ වල ගුණ සඳහන් කර එක් එක් ගුණය පරීක්ෂා කිරීමට අදාල පර්යේෂණ රූප සටහන් ඇසුරින් පැහැදිලි කරන්න.
(14) කැතෝඩ කිරණ අංශුවක (ඉලෙක්ට්‍රෝනයක) ආරෝපණය ප්‍රථම වරට පරීක්ෂණාත්මකව නීර්ණය කලේ කවරෙකු ද?
(15) ඔහු විසින් සිදු කල පරීක්ෂණය සැකෙවින් විස්තර කරන්න.
(16) ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය (e) 1.602×10-19 c
(17) ධන කිරණ යනුවෙන් අදහස් කරන්නේ මොනවාද?
(18) ධන කිරණ සාදා ගත හැකි ආකාරය විස්තර කරන්න.
(19) කැතෝඩ කිරණ නලයක් තුල ධන කිරණ සෑදෙන ආකාරය විස්තර කරන්න.
(20) ධන කිරණ වල ගුණ සඳහන් කරන්න.
(21) විකිරණශීලිතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
(22) විකිරණශීලිතාවය සොයා ගනු ලැබූයේ කවරෙකු විසින් ද?
(23) විකිරණශීලි ද්‍රව්‍යකින් පිටවන විකිරණ වෙන්කර හඳුනා ගන්නේ කෙසේද?
(24) ඇල්ෆා(α), බීටා(β) සහ ගැමා(ɤ) කිරණ වල ගුණ සන්සන්දනය කරන්න.
(25) තොම්සන්ගේ ප්ලම් පුඩිම් ආකෘතිය විස්තර කරන්න.
(26) රදර්ෆර්ඩ්ගේ රන් පත්‍ර පරීක්ෂාව විස්තර කරන්න.
(27) ඉහත පරීක්ෂණයේ නිරීක්ෂණ සඳහන් කරන්න.
(28) එම නිරීක්ෂණ මඟින් පරමාණු සම්බන්ධයෙන් කර ඇති නිගමනය කුමක්ද?
(29) පරමාණුක න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කිරීමේදී සහභාගි වූ අනෙක් විද්‍යාඥයන්ගේ නම් සඳහන් කරන්න.
(30) න්‍යුට්‍රෝනය සොයා ගනු ලැබූයේ කවරෙක් විසින් ද?
(31) න්‍යුට්‍රෝනය සොයා ගැනීම සඳහා සිදු කල පරීක්ෂණය විස්තර කරන්න.
(32) න්‍යුට්‍රෝනය සොයා ගැනීම සඳහා කරන ලද පරීක්ෂණයේදී සිදු වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සඳහා තුලිත න්‍යෂ්ටික සමීකරණය ලියන්න.
(33) පරමාණුවක් සෑදී ඇති මූලික උප පරමාණුක අංශු වර්ග වල නම් සහ සංකේත සඳහන් කරන්න.
(34) මූලික උප් පරමාණුක අංශු වර්ග වල පහත සඳහන් ගුණ සන්සන්දනය කරන්න.
(i) සාපේක්ෂ ආරෝපණය
(ii) ආරෝපණය (කූලෝම් වලින්)
(iii) සාපේක්ෂ ස්කන්ධය (ප්‍රෝටෝනයේ ස්කන්ධය මෙන්)
(iv) ස්කන්ධය (g වලින්)
(35) න්‍යුට්‍රෝන සහ ප්‍රෝටෝන වලට අමතරව න්‍යෂ්ටි තුල පවතින වෙනත් අංශු වල නම් සඳහන් කරන්න.
(36) පරමාණුක ක්‍රමාංකය (Z), ස්කන්ධ ක්‍රමාංකය (A) යන පද පැහැදිලි කරන්න.
(37) න්‍යෂ්ටියක සංයුතිය දක්වන ආකාරය දක්වන්න.
(38) සමස්ථානික යනුවෙන් හඳුන්වන්නේ මොනවාද ?
(39) සමස්ථානික වල ලක්ෂණ මොනවාද ?
(40) සමස්ථානික වල ස්ථායී අස්ථායී බව තීරණය කරන්නේ කෙසේද ?
(41) න්‍යෂ්ටියේ ස්ථායීතාවය ඇතිවන්නේ කෙකෙසේදැයි දක්වන්න.
(42) න්යුක්ලයිඩයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
(43) H, He, C, N, O, Cl යන මූලද්‍රව්‍ය වල සමස්ථානික ලියා ඒවායින් විකිරණශීලි සමස්ථානික දක්වන්න.
(44) අයණීකරණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
(45) අයණීකරණ ශක්තිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
(46) අනුයාත අයණීකරණ ශක්ති යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
(47) මූලද්‍රව්‍යක ප්‍රථම, දෙවන සහ තෙවන අයණීකරණ ශක්ති අර්ථ දක්වන්න.
(48) සෝඩියම් හි ප්‍රථම, දෙවන සහ තෙවන අයණීකරණ ශක්ති අර්ථ දක්වා ඊට අදාල තුලිත රසායනික සමීකරණ ලියන්න.
(49) අයණීකරණ ශක්තියේ ඒකක සඳහන් කරන්න.
(50) C, N, Na යන මූලද්‍රව්‍ය වල අනුයාත අයණීකරණ ශක්ති ප්‍රස්තාරය දළ වශයෙන් ප්‍රස්තාර ගත කරන්න.
(51) අනුයාත අයණීකරණ ශක්ති අගයයන් මඟින් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින බව තහවුරු වන්නේ කෙසේදැයි දක්වන්න.
(52) විකිරණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
(53) විකිරණය මඟින් ශක්තිය සම්ප්‍රේෂණය වන්නේ කෙසේදැයි දක්වන්න.
(54) විකිරණයේ දී ශක්තිය, තරංග ආකාරයට සම්ප්‍රේෂණය වන බව මුලින්ම පැහැදිලි කරන ලද්දේ කවරෙක් ද?
(55) විකිරණයක තරංග ආයාමය, ප්‍රවේගය සහ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය සමීකරණයක් මඟින් ලියා දක්වන්න.
(56) විකිරණ, විද්‍යුත් චුම්බක විකිරණ ලෙස හඳුන්වන්නේ මන්දැයි දක්වන්න.
(57) විද්‍යුත් චුම්බක වර්ණාවලිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
(58) විද්‍යුත් චුම්බක වර්ණාවලියේ විවිධ විකිරණ වර්ග පිහිටන අනුපිළිවෙළ රූප සටහනක් මඟින් දක්වන්න.
(59) විද්‍යුත් චුම්බක වර්ණාවලියේ විවිධ විකිරණ වලින් ඇති ප්‍රයෝජන සඳහන් කරන්න.
(60) හයිඩ්රජන් හි විමෝචන සහ අවශෝෂණ වර්ණාවලි ඇති වීම පැහැදිලි කරන්න.
(61) ස්කන්ධ වර්ණාවලීමානය රූප සටහනක් ඇසුරින් දක්වන්න.
(62) ස්කන්ධ වර්ණාවලීමානයෙන් ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද ?
(63) න්‍යෂ්ටික ආරෝපණය ලබා ගන්නා සම්බන්ධතාවය ලියා දක්වන්න.
(64) බෝර් වාදය යනු කුමක්ද?
(65) බෝර් වාදයේ උපකල්පන සඳහන් කරන්න.
(66) බෝර් වාදයේ අඩුපාඩු සඳහන් කරන්න.
(67) සමර්ෆීල්ඩ් ආකෘතිය හඳුන්වන්න.
(68) එක් එක් ප්‍රධාන ශක්ති මට්ටමට අයත් උප ශක්ති මට්ටම්, අයත් කාක්ෂික ගණන, ප්‍රධාන ශක්ති මට්ටමේ මුළු ඉලෙක්ට්‍රෝන ගණන දක්වන්න.
(69) හුන්ඩ්ගේ නියමයෙන් කියවෙන්නේ කුමක්ද ?
(70) කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම පිළිබඳ කියවෙන මූලධර්මය කුමක්දැයි විස්තර කරන්න.
(71) ඒ අනුව කාක්ශික වල ශක්තිය වැඩිවන පිළිවෙලට සකසන්න.
(72) පරමාණුක ක්‍රමාංකය 1 සිට 40 තෙක් මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න.
(73) Cr සහ Cu වල වින්‍යාසයන් අනෙක් ඒවායේ පිළිවෙලින් අපගමනය වීමට හේතුව පැහැදිලි කරන්න.
(74) ප්‍රධාන ක්වොංටම් අංකය, උද්දිගාංශ ක්වොංටම් අංකය, චුම්බක ක්වොංටම් අංකය, භ්‍රමණ ක්වොංටම් අංකය යන ඒවා හඳුන්වන්න.
(75)
(i) H වල පවතින 1s ඉලෙක්ට්‍රෝනයට අදාලව ඉලෙක්ට්‍රෝන කුලකය නිරූපණය කරන්න.
(ii) x නැමැති මූලද්‍රව්‍යයේ 2s ඉලෙක්ට්‍රෝන 1ක් පැවතීමට අනුරූප ක්වොංටම් අංක කුලකය දක්වන්න.
(iii) 3s ඉලෙක්ට්‍රෝන 2ක් පැවතීමට අනුරූප ඉලෙක්ට්‍රෝන කුලකය නිරූපණය කරන්න.
(iv) 3p1y ට අදාල ක්වොංටම් අංක කුලකය ලියන්න.
(76) පව්ලිගේ බහිෂ්කාර මූලධර්මය හඳුන්වන්න.
2 weni question kta hari uththare kynna plwan weida ?
ReplyDeleteපදාර්ථය පිලිබදව වැදගත් වන මූලිකම අදහස් ඉදිරිපත් කරන ලද්දේ ග්‍රීක දාර්ශනිකයන් විසිනි. ක්‍රී.පු 460 දි පමණ ඩිමොක්‍රිටස් නම් ග්‍රීක දාර්ශනිකයා, පදාර්ථය තව දුරටත් බෙදා වෙන් කල නොහැකි නිරතුරුවම අවකාශයේ චලනය වෙමින් පවතින කුඩා අංශුන්ගෙන් සමන්විතය යන මතය ඉදිරිපත් කරන ළදි. තවද ඔහු විසින් මෙම අංශුන්ට ඇටොමෝස් ( Atomos ) යන නමද භාවිතා කරන ලදී. පදාර්ථය අංශු වලින් සමන්විත වන බවත් එම අංශු අතර හිස් අවකාශ පවතින බවත් යන මේ මුළු අදහසට පදාර්ථය අසන්තතික වේ යැයි කියමු.
ReplyDelete8 වෙනි එකට උත්තරේ කියන්න පුලුවන් ද
ReplyDelete