2018/02/05

දෛශික



    
 දෛශිකයක් යනු විශාලත්වයක් සහ දිශාවක් ඇති භෞතික රාශියකි. එබැවින් දෛශිකයක් රේඛා ඛණ්ඩයක් ඇසුරින් නිරූපණය කල හැක.


දෛශික ගැන අත්‍යාවශ්‍ය කරුණු ටික කෙටියෙන් ඉගෙන ගමු.

1. දෛශික 2ක් සමාන වීමට ඇති අවශ්‍යතා

i. සමජාතීය දෛශික විය යුතුය.
ii. විශාලත්ව සමාන විය යුතුය.
iii. එකිනෙකට සමාන විය යුතුය.
iv . අභිදිශා (ඊතලයේ දිශා) සමාන විය යුතුය.
2. දෛශිකයක් අදිශයකින් ගුණ කිරීම

           දෛශිකයක් අදිශයකින් ගුණ කිරීමෙන් ලැබෙන්නේ දෛශිකයකි. මෙය පෙර දෛශිකයේ ගුණාංග වලින්ම සමන්විත වේ.
AB X 2 = 2AB
a X 2= 2a

3. දෛශිකයක් දෛශිකයකින් ගුණ කිරීම.

         දෛශිකයක් දෛශිකයකින් ගුණ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය දෛශිකයක් හෝ අදිශයක් විය හැක.
    
i. දෛශික 2ක ගුණිතය දෛශිකයක් බව පෙන්වීම.
         
                      F=BqV
F- බලය
B- චුම්බක ක්ශේත්‍ර තීව්‍රතාවය 
q- ආරෝපණය 
V- ප්‍රවේගය 
    මෙහි F,B,V දෛශික වේ.


ii. දෛශික 2ක ගුණිතය අදිශයක් බව පෙන්වීම.
      මෙහි බලය සහ ප්‍රවේගය දෛශික වන අතර ක්ෂමතාවය අදිශයකි.

4. දෛශික ආකලනය.
  
දෛශික එකතු කිරීමේදී ඒවාගේ විශාලත්ව සහ දිශාවන් එකතු කල යුතුය.  

i. දෛශික 2ක් ආකලනය සඳහා දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ ප්‍රමේයය භාවිතා කරයි. 

දෛශික රාශීන් 2ක් විශාලත්වයෙන් හා දිශාවෙන් ත්‍රිකෝණයක අනුපිළිවෙළින් ගත් පාද 2ක් මගින් නිරූපණය වන විට එම දෛශික රාශි දෙකෙහි එකතුව විශාලත්වයෙන් හා දිශාවෙන් ත්‍රිකෝණයේ ඉතිරි පාදයෙන් නිරූපණය වේ.


ii. දෛශික කිහිපයක් ආකලනය සඳහා දෛශික ආකලනය පිළිබඳ බහු අස්‍ර ප්‍රමේයය භාවිතා කරයි.

 යම් බහු අස්‍රයක අනුපිළිවෙළින් ගත් පාද මගින් දෛශික පද්ධතියක් වාමාවර්තව හෝ දක්ෂිණාවර්තව නිරූපණය කෙරේ නම් එම සියලු දෛශික වල ඓක්‍යය අභිශුන්‍ය වේ.


5. දෛශික විභේදනය
 ත්‍රිකෝණමිතිය ඇසුරින් දෛශික විභේදනයට ලක් කල හැකිය.



6. දෛශික සම්ප්‍රයුක්තය සෙවීම
දෛශික පද්ධතියක් වෙනුවෙන් යෙදිය හැකි තනි දෛශිකයක් එම දෛශික රාශි පද්ධතියේ සම්ප්‍රයුක්ත දෛශිකය ලෙස හඳුන්වයි.





No comments:

Post a Comment