වස්තුවක බර ක්‍රියා කරන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රයයි. ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම අනුව වස්තුවක තුල්‍යතාවය පිරික්සිය හැක.
🌓යම් වස්තුවක අංශු මාත්‍රමය ස්කන්ධ සලකනවා වෙනුවට ඒවායේ බර සැලකීමේදී සම්ප්‍රයුක්ත බර (බලය) ගුරුත්ව කේන්ද්‍රයෙන් ක්‍රියා කරයි.
වස්තූන් කිහිපයක ගුරුත්ව කේන්ද්‍ර
1. වෘත්තාකාර පුඩුවක
කේන්ද්‍රයේ පිහිටයි
2.වෘත්තාකාර තැටියක
කේන්ද්‍රයේ පිහිටයි
3. ඝන හෝ කුහර සිලින්ඩරයක
මධ්‍ය අක්ෂයේ මධ්‍ය ලක්ෂයේ පිහිටයි
4.සමචතුරස්‍රාකාර හෝ සෘජුකෝණාස්‍රාකාර ආස්තරයක
විකර්ණ ඡේදන ලක්ෂයේ පිහිටයි
5.ත්‍රිකෝණාකාර ආස්තරයක
ශීර්ෂ වල සිට සම්මුඛ පාද වල මධ්‍ය ලක්ෂ වලට ඇඳි රේඛා ඡේදනය වන ලක්ෂයේ
6.ඝන අර්ධ ගෝලයක
7.ඝන සෘජු කේතුවක
8.ඝන හෝ කුහර ගෝලයක
කේන්ද්‍රයේ පිහිටයි
9.විශේෂ හැඩැති ආස්තරයක
(i) |
(ii) |
1. (i) රූපයේ පරිදි ආස්තරය A ලක්ෂයෙන් එල්ලූ විට අල්පෙනෙත්ත පවතින සිරස් රේඛාවේ ගුරුත්ව කේන්ද්‍රය පැවතිය යුතුය.
2. (ii) රූපයේ පරිදි ආස්තරයක් සහ ස්කන්ධයක් ඈඳූ තන්තුව B ලක්ෂයෙන් එල්ලූ විට ගුරුත්ව කේන්ද්‍රය පිහිටි රේඛාව සෙවිය හැක.
එබැවින් මෙම රේඛා ඡේදනය වන ලක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටයි.
11.සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය
වස්තූන් කිහිපයකින් සෑදූ වස්තුවක් සංයුක්ත වස්තුවක් වේ. මෙවැනි වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය නීර්ණය කිරීම සඳහා ඝූර්ණ මූලධර්මය යොදා ගනු ලබයි.
කේතුවේ ශීර්ෂය O නම්,
මෙහි x වලින් ලැබෙන්නේ O සිට සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට දුරයි.
වස්තුවක තුල්‍යතාවය
වස්තුවක ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම අනුව එය ස්ථායී, අස්ථායී, උදාසීන අවස්ථාවේ පිහිටීද යන්න නීර්ණය කර ගත හැක.
1. ස්ථායී සමතුලිතතාවය
කිනම් විස්ථාපනයක් ලබා දුන්නද පෙර ස්ථානයටම පත් වේ නම් එය ස්ථායී සමතුලිතතාවයයි. මෙසේ පෙර තත්වයට පත් වන්නේ තම විභව ශක්තිය අවම කර ගැනීම සදහායි.
2. අස්ථායී සමතුලිතතාවය
වස්තුවකට විස්ථාපනයක් ලබා දුන් විට එය පෙර පිහිටුමට පත් නොවේ නම් එය අස්ථායී සමතුලිතතාවයයි.
3. උදාසීන සමතුලිතතාවය
වස්තුවකට විස්ථාපනයක් ලබා දුන්නද විභව ශක්තියේ වෙනසක් සිදු නොවේ නම් එය උදාසීන සමතුලිතතාවයයි.
Supiri
ReplyDeletethanks
Delete